වැල්ලවායේ වැව් දෙකක් කැඩේ


වැල්ලව ප්‍රදේශ රැසකට පෙරදින රාත්‍රියේ ඇද හැළුණු තද වර්ෂාව හේතුවෙන් 18 වැව සහ සරත්ගේ වැව කැඩීයෑමෙන් බෝධිගම, මානලගම, පරණබලාරුව කුඩා ඔය ඇතුළු ප්‍රදේශ  රැසක නිවාස 116කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. කුඩා ඔයේ සහ කිරිඳිඔයේ ජල මට්ටම ඉහළ යෑමෙන් ද ගම්මාන රැසක් ජලයෙන් යට විය. ජීවිත හානි කිසිවක් වාර්තා වී නැත.