වැල්ලවත්තේ ත්‍රිත්ව ඝාතනයක්


වැල්ලවත්ත රාමක්‍රිෂ්ණන් පාරේ කාමරයකින් මවකගේ, පියකුගේ සහ දියණියකගේ සිරුරු තුනක් අද සවස සොයාගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. දින කිහිපයකට පෙර මරා දමා ඇතැයි සිතන මේ සිරුරු බොහොසේ නරක් වී තිබිණැයි පොලිසිය පවසයි. මවත් පියාත් දියණියත් කොටගල පදිංචිකරුවන් බවත් කාමරය කුලියට ගෙන සිටි පුතා සොයාගන්නට නැති බවත් පොලිසිය සඳහන් කරයි.