වැල්ලවත්ත සැකකරුගේ පෙම්වතියන් ගැන සොයයි
වැල්ලවත්ත ත්‍රිත්ව ඝාතනයේ සැකකරු වන ප්‍රසාන් කුමාරස්වාමිගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය ආගමන විගමන පාලකට නියෝග කළාය. ඔහුගේ පියාත්, මවත්, නැඟනියත් ඔහුගේ කාමරයේ දී මරා දමා තිබි දී සොයාගත් නමුත් ඔහු ගැන තොරතුරක් නැත. ඔවුන් තිදෙනාගේ මළ සිරුරු සුදු රෙක්දකින් වසා කපුරු බෝල කිලෝවක් පමණ පොරෝනා මත තබා තිබිණි. එම කපුරු බෝල වැල්ලවත්තේ වෙළෙඳහලකින් ගත් පුද්ගලයා ඔහු බව ඔහුගේ පින්තූරයක් වෙළෙඳ සේවිකාව හඳුනා ගත්තාය. ඔහුගේ පෙම්වතියන් දෙදෙනකු ගැනත් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

