වැල්ලවත්ත ඝාතන සැකකරු අල්ලයි


වැල්ලවත්තේ රාමක‍්‍රිෂ්ණ පාරේ ත‍්‍රිත්ව ඝාතන සැකකරු වන ඖෂධ නියෝජිතයා කඩවතදී අද අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. කොළඹ සිට බසයෙන් කුරුණෑගල යද්දී ඔහු පොලිසියට අසුවූයේ කොටගල පදිංචිව සිටි තම පියා, මව හා නැගණිය මරා දැමීම සම්බන්ධයෙනි. නැගණියගේ රන් භාණ්ඩ කොටහේනේ උගස් කඩයකට රුපියල් ලක්‍ෂ දෙකහමාරකට උගස් කර තුබූ බව වැල්ලවත්ත පොලිසිය කියයි.