වැරැදුණු මඟුල පාහන්න ගිහින් කපුවාත් රිමාන්ඞ්


පැන ගිය මනාලිය වෙනුවට මඟුල් කපුවාගේ බාල වයස්කාර දියණිය  කැන්දන් ගිය මනාලයා හා ඔහුට අනුබල දුන් බව කියන මනාලයාගේ පියා හා කපුවා ලබන අට වැනිදා තෙක් මහියංගන මහේස්ත‍්‍රාත් රුවන් ද සිල්වා මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. මනාලිය කැන්දාගෙන ඒමට මනාලයා ඇතුළු නෑයන් මිණිපේ මොරයායේ හඳගනාවට ගිය විට ඇය පෙම්වතා සමග පෙර දින ගොස් සිටි බව දැන්වීමෙන් පසුව මඟුල් කපුවා ඔහුගේ වයස දාහතරේ දියණිය මනාලයාට දී ඇත.