වැරදි කළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත් විට උද්ඝෝෂණ පැවැත්වීමේ සම්ප්‍රදායක් ආරම්භ වී ඇති බවත්, එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් පෙනී නොසිටින ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයයේ විදුහල්පති මාරු කිරීමෙන් පසුව එවැනි උද්ඝෝෂණයක් පැවතියේය. රජයේ දේශපාලනඥයකු එම උද්ඝෝෂණය පිටුපස සිටින බවක්ද කියති.
බස්නාහිර පළාත් විමර්ශන ඒකකය කළ විධිමත් පරීක්ෂණයකින් පසුව ඔහු අමාත්‍යංශයට මාරු කළ බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
ඔහු චක්‍රලේඛ උල්ලංඝණය කරමින් පාසලට ළමයින් ඇතුළත් කර ගෙන ඇති බව ද අමාත්‍ය ප්‍රකාශකයෙක් පැවසීය.