වැදගත් තීන්දු ගන්න නීතීඥ සංගමය සෙනසුරාදා රැස්වේ
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විශේෂ රැස්වීමක් සෙනසුරාදා (15) පැවැත්වීමට නියමිතය. සංගමයේ සියලු ශාඛා ඊට සහභාගී වන බව ලේකම් සංජය ගමගේ මහතා කියයි.
අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් කතානායකට බාර දුන් දෝෂාභියෝග තීන්දුවෙන් පසුව අධිකරණ ක්ෂේත්‍රයේ මතුවූ, අධිකරණයට හා නීතී වෘත්තියට අදාළ කරුණු කාරනා ගැන තීරණාත්මක තීන්දු මේ රැස්වීමේදී ගැණෙන බව ඔහු කියයි.

