වැඩිහිටි කන්දට හොරු පනිති
කතරගම වැඩිහිටි කන්ද විහාරස්ථානයේ ඉහළ මළුවේ ගබඩා කාමරය කඩා පිත්තල පහන්, වේලායුධ, මරායුධ හා ඝන්ඨාර ඇතුළු පෞරාණික පිත්තල භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි භාරකාර කඹුරුපිටිය විමලසාර හිමි පොලිසියට පැමිණිලි කර ඇත.
මාර්තු මස 15 ජුනි 6 අතර කාලයේදී සොරකම වන්නට ඇති බවත් තමන් එය දුටුවේ ඊයේ බවත් භාරකාර හිමි පොලිසියට කියා ඇත.

