වැඩිහිටි කතකගේ කෝටියකට විද්දැයි ජෝඩුවකට නඩු
ශ්‍රී ලංකාවේ ප‍්‍රථම ජනාධිපති නීතිඥවරිය වූ මොරිස් සෙනෙවිරත්න මහතාගේ සහෝදරියගෙන් රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයක් වංචා කළැයි අලූත් ජෝඩුවකට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරන බව රහස් පොලිසිය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට දැනුම් දුන්නේය.
සීලා සෙනෙවිරත්න (85) මහත්මිය වැඩිහිටි නිවාසයක සිටියදී යාළු වූ ඩිනෙල්කා එම්. ප‍්‍රනාන්දු ඇගේ සැමියා වන මහේෂ් පෙරේරා සමග එක්වී සෙනෙවිරත්න මහත්මියගේ ස්ථාවර තැන්පත් 39ක් බැංකු ගිණුම් ගණනාවකින් මුදල් ගෙන ඉඩමක්ද කාරයක්ද ගිය වසරේ මිලට ගෙන ඇතැයි උසාවියේදී කියැවිණි.
විත්තියේ නීතිඥවරයා පැවැසුවේ ඔවුන් වංචාවක් නොකළ බවයි. අධිකරණය බාරයේ පවතින හයිබි‍්‍රඞ් කාරය ඔවුනට බාරදෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

