(අජිත්ලාල් ශාන්තඋදය, අරුණ එස් හේරත්, ඉන්දික රාජපක්ෂ සහ බුද්ධික තැන්නපිට)
ගංවතුර සහ නායයාම් හේතුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයට වැඩිම හානියක් සිදුව ඇති අතර අද (28) උදෑසන වන විට මියගිය සංඛ්‍යාව 71ක් බවත් තුවාල ලැබු ගණන පහක් බවත් රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
20 දෙනකු පමණ අතුරුදන්ව ඇති අතර දේපළ හානි ගැන තවමත් නිසි තොරතුරු නැත.පුද්ගලයන් 85758 දෙනෙක් ආපදාවට ලක්ව සිටිති. රත්නපුර දිස්ත‍්‍රික්කයේ මරණ බොහෝමයක් නායයාම් නිසා සිදුව ඇත.





