වැඩිම පැමිණිලි කොළඹින්


බස්නාහිර සහ දකුණු පළාත්  සභා මැතිවරණයේ ඡන්ද ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 1101ක් වාර්තා වී ඇතැයි කැෆ් සංවිධානය කියයි.

බස්නාහිර පළාතෙන් සිද්ධි 634ක් ද, දකුණෙන් 391ක් ද වාර්තා වී තිබේ.

පළාත් දෙකේ දිස්ත්‍රික්ක හයෙන් වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 324කි.  

පළාත් සභා මැතිවරණය සෙනසුරාදා (28) පැවැත්වීමට නියමිතය.