වැඩිපුර ලක්‍ෂ එකහමාර බැංකුවට දෙයි
කරාපිටිය මහජන බැංකුවට රන් බඩු උගස් කළ ලබුදුවේ ෂර්මිලා නදීකා හෙට්ටිආරච්චි (34) තිදරු මවට වැඩිපුර ලැබුණු රුපියල් එක්ලක්‍ෂ හැටදාහක් පැයක් ඇතුළත ඇය විසින් බැංකුවට බාර දෙන ලදැයි බැංකු කළමනාකරු ඩබ්ලිව් විජේරත්න මහතා කියයි. උගස් බඩුවෙනුවෙන් ඇයට ලැබිය යුතුව තිබුණේ රුපියල් 18500 කි

