(සුජිත් හේවාජුලිගේ )
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වන දරුවන්ගේ ශිෂ්‍යාධාර පිරිනමන සිසුන් ප්‍රමාණය දෙගුණයකින් වැඩි කිරීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර ඇත.
අධ්‍යාපන ඇමැතිවරයා මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් දැනටමත් ඉදිරිපත් කර ඇතැයි අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
පහ ශිෂ්‍යත්ව සමත්වන දරුවන්ගෙන් මේ වන විට ශිෂ්‍යාධාර ලබන්නේ සිසුන් 15,000 ක පමණ සංඛ්‍යාවකි. අධ්‍යාපන ඇමැතිවරයාගේ නව තීරණ අනුව ඒ සංඛ්‍යාව 30,000 දක්වා වැඩි කෙරෙනු ඇත. දරුවන්ගේ ඉදිරි අධ්‍යාපනයේදී මතුවන ආර්ථක දුෂ්කරතා මගහැරවීම මෙහි අරමුණයි.

