(තිළිණි ද සිල්වා)
ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් පහත බැස තිබිය දී ආසාධාරණ ලෙස ඉහළ මිල ගණන් යටතේ එළවළු අලෙවි කිරීමේ නිරත ජංගම වෙළෙඳුන්ගේ බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අද (18) පැවසීය.
එවැනි වෙළෙඳුන් පිළිබඳ පැමිණිලි 0112 369 139 දුරකථන අංකයට හෝ 0112 369 142 ෆැක්ස් අංකය වෙත යොමුකළ හැකි බව බව ද කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර රත්මාලාන, නාරාහේන්පිට සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථාන වෙතින් නිවසටම අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙන අතර එම ආර්ථික මධ්‍යස්ථානවල දුරකථන අංක හරහා ඇණවුම් ඉදිරිපත් කළ හැකි බව දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කියා සිටි.

