වැඩහිටි කන්දේ හොරු අල්ලති.
කතරගම වැඩහිටි කන්දේ විහාරයේ ගබඩාවකින් පිත්තල පහන් සොරකම් කළ හයදෙනකු ඇල්ලූ බව පොලිස් මාධ්‍යප්‍රකාශයක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව පිත්තල පහන් 46 ක් හා පහන් කොටස් 473 ක් තිබූ බවත් සොරකමට යොදාගත් කැබ් රථයක් ද ඇල්ලූ බවත් පොලීසිය කියයි.
කතරගම දෙවියන් වැඩසිටියේ මේ කන්දේයැයි විශ්වාසයක් පවතී.

