ජාතික සංවර්ධන බැංකුවේ පිළියන්දල ශාඛාවේ කළමනාකරු අජන්ත පෙරේරා සහ ඔහුගේ බිරිය ගමන් කළ මෝටර් රථයට කොන්ක්‍රීට් පිරවූ පයිප්පයක් වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාරේදී ඇද වැටී ඔහුගේ බිරිය තුවාල ලැබූ සිද්ධිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිෂාන්ත පීරිස් මහතා හමුවේ අද විභාග විය.
බෙන් සහ නැන්සි ප්ලාසා සංකීර්ණයේ වැඩ බිම අසලින් කාරය පදවාගෙන යද්දී අඩි පනහක් පමණ උඩ සිට එම පයිප්පය රියේ වාමුවාව ද කඩාගෙන ඇතුළට වැදී බිරියගේ කකුලද තුවාල ලැබූ බව ද උසාවියේ දී කියැවිණි.
ඔහුගේ බිරිය මිෂෙල් ද බැංකුවේ විධායක නිලධාරිනියකි.
බිරිය රෝහල් ගත කර එන විට කාරය වෙනත් තැනක තිබූ බවත්, වැඩබිමේ කලමනාකරු එය කර ඇති බවත් පැමිණිලිකරුගේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ඉයන් ප්‍රනාන්දු මහතා පැවසීය. වැඩබිම් කලමනාකරු රුපියල් 50,000ක මුදල් ඇපයක් හා රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබීය.