අරාබි ජාතිකයින්හට අවාසි වන අන්දමට තම රටේ ශීග්‍රයෙන් වර්ධනය වෙමින් යන ජන විකාශ විපර්යාසය වෙනස්කොට ජනගහනය අතර සම තුලින තාවයක් නැවත ඇති කිරීමේ බලා පොරොත්තුවෙන් ඉදිරි වසර පහේදී කුවේට් දේශයේ ජීවත්වන විදේශිකයින් දස ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් පිටුවහල් කල යුතුබවට යෝජනාවක් කුවේට් මන්ත්‍රණ සභාව වෙත ඉදිරිපත් කර ඇත.
මන්ත්‍රණ සභා සාමාජික කලීල් අබ්දුල්ලා පවසා ඇත්තේ " තම රටේ කුවේට් ජාතිකයින්ගේ සංඛ්‍යාව අවම වශයෙන් විදේශිකයින්ගේ ජනගහනයට සමාන වන ප්‍රමානයටවත් වෙනස් කිරීම ඉතාමත් වැදගත්" වන බවයි.
ඔහු යෝජනා කර ඇත්තේ වසරකට දෙලක්ෂ අසුදාහ බැගින් ඉදිරි වසර පහ ඇතුලත විදේශිකයින් කුවේට් රාජ්‍යයෙන් ඉවත් කළ යුතු බවයි.
දැනට කුවේට් දේශයේ විදේශික විසි පන් ලක්ෂයක් ජීවත්වෙති. එම රටේ වත්මන් දියුණුව ඇතිකර ගැනීම උදෙසා මෙම පිරිසගෙන් ප්‍රශංසනීය මෙන්ම දැවැන්ත වූ සේවයක් ඉටුවෙයි.
මේබව පිළිගන්නා බව පවසන අබ්දුල්ල මන්ත්‍රී වරයා කියන්නේ කුවේටයේ දේශීය ජනතාව අතර දැනටමත් උග්‍ර රැකියා ප්‍රශ්නයක් පැනනැගී ඇති බවයි.මෙම තත්වය ලිහිල් කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් නොගතහොත් ජනතාව අතර විවිධ උද්ගෝෂණ පැනනැගීමට හොඳටම ඉඩ ඇති බව ඔහු පවසයි.
මාසයක් ඇතුළත මෙවන් කුවේට් පාර්ලිමේන්තුවට මෙවන් යෝජනාවක් ඉදිරිපත්වුන දෙවන අවස්තාව මෙයයි.
ජනවාරි 28 වෙනිදා අබ්දුල්ලා අල තමිමි මන්ත්‍රී වරයාද කුවේටයේ ජීවත්වන විදේශිකයින්ගේ සංක්‍යාව අඩුකළ යුතු බව කියන යෝජනාවක් ඉදිරිපත් කළේය.
කුවේට් රාජ්‍යයේ ජනවාරි ජන සන්ඝනනය අනුව මුළු ජනගහනය මිලියන 4ක් පමණ වෙති. එයින් කුවේටි ජාතිකයින් ඉන්නේ මිලියන එක හමාරක් පමණය.
විදේශිකයින් අතර සියයට 38ක් ආසියානුවෝ වෙති. අවට පිහිටි අනෙකුත් අරාබි රටවලින් පැමිණ සිටුන අරාබිජාතිකයින්ගේ සංක්‍යාව සියයට 27ක් පමණ වෙයි.
අල්තමිමි යෝජනා කළේ මුළු ජනගහනයෙන් සියයට 25කත වඩා විදේශිකයින් සිටියයුතු නොවන බවයි.

