වැටුප් වැඩිකළත් විදුලි සේවක වර්ජනය දිගටම


රංජන් කස්තුරි
 
විදුලි සේවකයන්ට වැටුප් වැඩිකළද වැටුම් වැඩිකිරීමේ ප්‍රතිශතය පිළිගත නොහැකි බැවින් වැඩවර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බව ලංවිම වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
 
ගැටළුව සම්බන්ධයෙන් මේ වන විට කොළඹ කම්කරු දෙපාර්තමේන්තුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන අතර කම්කරු ඇමැති, කම්කරු කොමසාරිස් ජනරාල්, විදුලිබල හා පුනර්ජනනීය ඇමැති, විදුලි සමිති නියෝජිතයෝ, ලංවිම සභාපති සහ සාමාන්‍යාධිකාරී ද එම සාකච්ඡාවට එක්ව සිටිති.