(මුදිතා දයානන්ද )
වැට් බදු අඩුකිරිම හාල්, ගෑස්, තෙල් ඇතුලූ භාණ්ඩ රැසක මිලට බල නොපාන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
වැට් බදු අඩුකිරිම නිසා ඇසුරුම් කරන ලද කුකුල් මස් හා මස් ආශ‍්‍රිත නිෂ්පාදන, ආනයනික කිරිපිටි හා පැණිබීම, ආනයනික සත්ව ආහාර මිල අඩුවන ආහාර ද්‍රව්‍ය ලෙස දැක්වේ.
එමෙන්ම ගොඩනැගිලි ද්‍රව්‍ය ලෙස යකඩ භාණ්ඩ, සිමෙන්ති, අස්බැස්ටස් සෙවිලි තහඩු, ආනයනික සරනේරු, යතුරු, දොර අගුලූ ආදියෙහි මිල අඩු වේ.
මීට අමතරව වාහන අමරත කොටස්ද වැට් බදු අඩුවීම නිසා මිල අඩුවිය යුතු භාණ්ඩ අතර වන බව පාරිභෝගික සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ඩබ්. ආර්. මීවනගේ මහතා ලංකාදීපයට පැවසීය.
සාමාන්‍ය ජනතාවට වඩාත් බලපාන අල, ලූණු, හාල්, පරිප්පු ඇතුලූ ධාන්‍ය වර්ග, පාන්පිටි, හා පාන්පිටි ආශ‍්‍රිත නිෂ්පාදන, හාල්පිටි හා හාල්පිටි ආශි‍්‍රත නිෂ්පාදන, සීනි දේශීය කිරිපිටි හා කිරි නිෂ්පාදන, ටින් මාලූ ගෑස්, ඩිසල්, පෙට‍්‍රල්, භූමිතෙල් ආදියට වැට් බදු අදාල නොවන බැවින් බදු අඩුකිරිම නිසා ඒවායෙහි මිල ගණන් වෙනස් නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

