වාසුගෙ නම විකුණා සල්ලි ගරලා


ජාතික ඒකාබද්ධතා ඇමති වාසුදේව නානායක්කාර මහතාගේ ලේකම්වරයකු ලෙස පෙනී සිටිමින් රට රැකියාවට යවන බව කියමින් කතුන්ගෙන් මුදල් වංචා කළැයි කියන අයකු ජිප් රියක්ද සමග අත්අඩංගුවට ගත් බව ඇහැලියගොඩ පොලීසිය කියයි. මේ බව දැනගත් වහාම ඇමැති පොලිසියට පැමිණිලි කළේය. ඔහු හෝටල් කාමරයක් කුලියට ගෙන රුපියල් ලක්‍ෂ එක හමාරක බිලක්ද ගෙවා ඇත. ඔහු වරින් වර වාහනයේ අංක තහඩු මාරු කළැයි ද පොලිසිය කියයි.