වාස්තු විද්‍යාඥයා සමුගනි


ශ්‍රි ලංකාවේ කිර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියකු වූ මිල්රෝයි පෙරේරා (72) මහතා අභවප්‍රාප්ත විය.

තිදරු පියකු වන පෙරේරා මහතා කොළඹ ආනන්ද විදුහලේ ආදී සිසුවෙකි.

අභාවප්‍රාප්ත ජෙෆ්රි භාවා මහතාගේ විශිෂ්ඨතම නිර්මාණ රැසකට පුරෝගාමී දායකත්වය සැපයු මිල්රෝයි පෙරේරා ශ්‍රි ජයවර්ධන පුර කෝට්ටේ නව පාර්ලිමේන්තු සංකීර්ණය, කණ්ඩලම හෝටලය, හිල්ටන් හෝටල් ආදිය නිර්මාණයන්ට දායක විය.

බොරැල්ල කනත්තේදී  සෙනසුරාදා (21) අවමගුල් කටයුතු සිදු  කැරේ .