බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයේ සැකකරු හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට හා ඔහුගේ පුත් රවිදු ගුණවර්ධනට ඇප ඉල්ලීම පිළිබඳව සලකා බැලීම සඳහා 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නීතීපතිට සිතාසි යවන ලෙස මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා අද (23) නියෝග කළේය.