අමාත්‍ය මර්වින් සිල්වාගේ හිටපු ලේකම්වරයකු වන සරත් කුමාර එදිරිසිංහ හෙවත් සිංගප්පූරු සරත්ට මරණ තර්ජන කර රුපියල් තිස් ලක්ෂයක කප්පමක් ඉල්ලා ඉන් ලක්ෂ 15ක් ලබා ගත්තැයි කියන සිද්ධියේ විමර්ශන කටයුතු අවසන් නැති නිසා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන නැවත රිමාන්ඩ් කරන ලෙස රහස් පොලිසිය කළ ඉල්ලීම ඉවත දැමූ මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය හිටපු නියෝජ්‍ය පොලිස්පති ඇපමත මුදා හරින ලෙස නියෝග කළාය.
රුපියල් පන් ලක්ෂය බැගින්වූ ශරීර ඇප තුනක් නියම කළ මහේස්ත්‍රාත්වරිය ඇපකරුවන් පවුලේ ඥාතීන් බවට සහතික කරමින් පොලිස් හා ග්‍රාම නිලධාරී සහතික දෙකක් ඉදිරිපත් කරන ලෙස ද දැන්වූවාය.
නීතිපති උපදෙස් සඳහා ඔක්තෝබර 21 නැවත නඩුව කැඳවීමට නියමිතය.
බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියේ ද සැකකරුවකු වන වාස් ගුණවර්ධන මහතාට එම නඩුවෙන් මෙතෙක් ඇප ලැබී නැති හෙයින් නැවත බන්ධනාගාරය වෙත ගෙන ගියේය.