වාසනාව කුලුමුල්ලේ
රන්කොත්ගෙදර රුපවතී (62) සිංගප්පූරුවේ ස්වාමි දුවටත් හාම්පුතාටත් වසර 22ක් තිස්සේ සේවය කරන්නීය. වසර දහයකට පෙර ඇගේ ගර්භාෂ්‍ය ඉවත් කිරීමේ සැත්කමට හාම්පුතා සිංගප්පූරු ඩොලර් 7000ක් රුපියල් (700000) බිල ගෙවිය. ඇය සතියක්ම රෝහලේ ද ගත කළාය.
”මා හාම්පුතා ළඟම සේවය කරන්නේ මගේ ලෙඬේදී දුකේදී පිහිට වූ නිසයි” රූපා, රමෝනා ලීන් මහත්මියගේ මහල් නිවසේ සේවයට ගියේ 1990 දීය. ඇගේ වැටුප ඩොලර් 620කි. (රුපියල් 62000කි. එහි සම්මත වැටුප ඩොලර් 450කි)
හැටහතර හැවිරිදි ඇගේ ස්වාමිදුව ලීන් පවසනුයේ ”රූපා අපේම පවුලේ කෙනෙක්. ඇය රැක බලාගන්න ඕනෑ” යනුවෙනි.

