(ජයන්ත සමරකෝන්)
කුරුණැගල වාරියපොල බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීමකින් එක් රැදවියකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් වෙඩි තැබීම කළ රැඳවියා මයික්‍රෝ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන) බන්දුල ජයසිංහ මහතා පැවසීය.
විරුද්ධවාදී රැදවියන් දෙපිරිසක් අතර සිදුවු බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම බන්ධනාගාරයේ සිර වාට්ටුවක් තුළ සිදුව ඇතැයිද තුවාල ලැබූ රැදවියා වාරියපොල රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇතැයි බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේය.
මයික්‍රෝ පිස්තෝලයක් බන්ධනාගාරයට රැගෙන ගියේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්න බවද ඒ මහතා කීය. මොවුන් මත්කුඩු ජවාරම් හා සම්බන්ධ සැකකරුවෝ වෙති.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්සණයක් සඳහා බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් අද දහවල් වාරියපොල බන්ධනාගාරයට පිරත් කර යැවු බවද බන්ධනාගර මූලස්ථානය සඳහන් කරයි

