වාරියපොළ තරුණයාට ඇප


වාරියපොළ නගරයේදී තිළිණි අමල්කා (22) නම් තිස්සව තරුණියට අයුතු බලපෑම් කළැයි ඇගෙන් කම්මුල් පහරකා රිමාන්ඩ් භාරයේ සිටි වාරියපොළ රොබට් චන්ද්‍රකුමාර්(30) පෞද්ගලික ඇප මත මුදාහරින ලෙස වාරියපොළ ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.කේ.එන්.පටබැඳි මහතා අද(03) නියෝග කළේය.

අමල්කා ද ඇගේ යෙහෙළියෝ ද අද(03) උසාවි පැමිණ සිටියහ.