වාර්තාව ෆොන්සේකාට


මෙරට බෞද්ධ සංස්කෘතිය විනාශවීමට බලපාන හේතු සෙවීමට ආරම්භ කරන ලද  බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටුවේ වාර්තාවේ පිටපතක් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට පිළිගැන්විණි.

ඇතුළු කොට්ටේ මැටි අම්බලම පක්ෂ කාර්යාලයයේදී පුනර්ජීවන කමිටු මණ්ඩලයේ සාමාජික මාහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ ෆොන්සේකා මහතාට වාර්තාව පිළිගැන්වූහ.

කමිටුවේ ලේඛකාධිකාරී මල්වානේ චන්ද්‍රරතන හිමියෝ ද කමිටු සාමාජික වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ද මෙම අවස්ථාවට එක්වූහ.