වානර නෑයන් එක් පොතකට By None // 2012 සැප් 05 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන පැරණි ලොව වානරයන් හෙවත් ප්‍රයිමේටාවන් පිළිබඳ නව පර්යේෂණ කෘතියක් ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය විසින් ප්‍රකාශයට පත්කොට තිබේ. මේ ග්‍රන්ථයේ මෙරට ජීවත්වන වඳුරන්, රිලවුන් හා උනහපුළුවන් පිළිබඳ තොරතුරු සහ වර්ණ ඡායාරූප රැසක් අන්තර්ගතය. එම සංගමයේ සභාපති මධුර ද සිල්වා, නදික හපුආරච්චි සහ රොහාන් පෙතියගොඩ යන තිදෙනාගේ කර්තෘත්වයෙන් ප්‍රකාශයට පත්කොට ඇති මේ ග්‍රන්ථය මෙරට ප්‍රයිමේටාවන් සම්බන්ධයෙන් පමණක් ලියැවුණු එකම ග්‍රන්ථය ද වෙයි. ශ්‍රී ලංකන් ප්‍රයිමේට්ස් යනුවෙන නම්කොට ඇති මෙම ග්‍රන්ථයෙන් මෙරට වානර විශේෂ, ඔවුන්ගේ ආහාර පුරුදු හා පාරිසරික තත්ත්වයන් මෙන්ම මිනිසා සමග ඇති නොනවතින අරගලය සම්බන්ධයෙන් ද කරුණු රැසක් ඉදිරිපත් කැර ඇත. ශ්‍රී ලංකාවේ පැරණි ලොව වානරයන් හෙවත් ප්‍රයිමේටාවන් අතර කළු වඳුරන් උප විශේෂ හතරක්, උනහපුළුවන් උප විශේෂ තුනක් සහ එක් විශේෂයක් , රිලවුන් උප විශේෂ තුනක් සහ එක් අළු වඳුරන් විශේෂයක් දැකිය හැකි වේ. මෙම වානර විශේෂ අතරින් දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ වාර්තාවන අළු වදුරන් විශේෂය හැරුණු විට අනෙක් සියළුම විශේෂ මෙරටට ආවේණික වේ. ඒ අතිරින් බස්නාහිර පළාතේ දැකිය හැකි බස්නාහිර පළාත් කළු වඳුරා ලෝකයේ වේගයෙන්ම වඳවී යන සත්ත්ව විශේෂ 25 ට ඇතුලත්ව තිබේ. තම හැසිරීමෙන් හා පුරුදු වලින් මිනිස් වර්ගයාට ඉතාමත් සමීප මෙම් සතුන් රැක ගැනීම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට මෙම ග්‍රන්ථය මහෝපකාරීවනු ඇතැයි ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත