වාද්දූවේ දෙමහල් නිවෙසක ගින්නක්


(සුමිත් ප්‍රේමතිලක)

වාද්දුව, වේරගම ප්‍රදේශයේ දෙමහල් නිවසක අද රාත්‍රි ගින්නක් හටගෙන ඇති බව වාද්දුව පොලිසිය කියයි .

වාද්දුව, වේරගම, අල්විස් වත්තේ දෙමහල් නිවසක ඉහළ මහලේ ගින්න හටගෙන තිබේ.

ගින්න හටගන්නා අවස්ථාවේ දෙමාපියන් නිවසේ සිට නොමැති අතර , නිවස තුල ඔන් ලයින් පංති වල සිටී 14 සහ 11 හැවිරිදි දැරියන් දෙදෙනා ප්‍රදේශවාසීන් එක්ව බේරාගෙන ඇතැයි පොලිසිය කියයි .

ප්‍රදේශවාසීන් වාද්දුව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු, කළුතර නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යොදා ගින්න මැඩපැවැත්වීමට ක්‍රියාකර ඇති අතර , උතුරු කළුතර විදුලි පුද්ගලික සමාගමේ සේවකයින් පැමිණ සහාය දැක්වීය.

ගින්නෙන් නිවසේ ඉහළ මාලයට බරපතළ හානි සිදුව ඇති අතර , ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.