වාද්දුවේ වෙල් යායක විශාල ගින්නක්


(සුමිත් පොතුපිටිය) 

වාද්දුව වේරගම සූරිය වෙල්යායේ විශාල ගින්නක් මේ වනවිට පැතිර යමින් පවතින බව වාද්දුව පොලිසිය පවසයි.

මේ වනවිට අක්කර 50 කට ආසන්න ප්‍රමාණයක් ගින්නෙන් විනාශවෙමින් පවතින අතර ,  කළුතර නගර සභාවේ ගිනිනිවන රථයද කැදවා තිබුණි.

මේ වනවිට පවතින අධික සුළං තත්ත්වයත් සමගින් ගින්න තදින් පැතිර යමින් පවතින අතර , කුරුල්ලන් සහ කෘමීන් විශාල වශයෙන් ගින්නට හසුව ඇත.