වාණිජ සිසුන් අතරමං නොකරනු


2012 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල වලට සිසුන් බඳවා ගැනීමේ ගැටළුවට වහා විසඳුම් දෙන ලෙස රජයට බල කර සිටීමේ මහජන පෙත්සමකට අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අද සවස පැවැත්විණි.

‘තාරුණ්‍යයේ හඩ‘ ශිෂ්‍ය එකමුතුව පවසනුයේ වාණිජ අංශයෙන් විෂයන් තුනටම ‘ඒ‘ සාමාර්ථ ලබාගත් සිසුන් දෙදහසකට ආසන්න ප්‍රමාණයකට මෙවර විශ්ව විද්‍යාල වරම් අහිමි වී ඇති බවයි. ජාතික ආදායමෙන් සියයට හයක් අධ්‍යාපනයට වෙන් කරන ලෙස ද ඔවුහු රජයට බල කරති.