ප්‍රතිජීවක හා වාජීකරණ ඖෂධ වෛද්‍ය නිර්දේශය නොමැතිව නිකුත් කරන ෆාමසි වැටලීමේ මෙහෙයුමක් විලවුන් උපකරණ ඖෂධ නියාමන අධිකාරිය පෙරේදා (05) ඇරැඹීය.
මේ අනුව කැකිරාව දඹුල්ලේ ෆාමසි දෙකකින් වෛද්‍ය නිර්දේශයෙන් තොරව ප්‍රතිජීවක ඖෂධ නිකුත් කළ බව කියන දෙදෙනෙක් සැක පිට අත්අඩංගුවට ගනු ලැබුහ.
ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය හේතුවෙන් ඇතැම් රෝග සඳහා රෝගීන්ට ප්‍රතිකාර කිරීම ගැටළුවක් බවට රෝහල් වාර්තා පෙන්වා දෙයි.
ඊට අමතරව ලිංගික උත්තේජන ඖෂධ හිතුමතේ ගැනීමෙන් ද විවිධ අවදානම් තත්ත්ව මතු වී ඇත.
ඇතැම් ප්‍රබල ඖෂධ යොදා මත් වන දියර සකස් කැර දරුවන් හා තරුණ පිරිස් අතරට යැවීමේ ජාවාරමක් පවතින බවද අධිකාරිය අනාවරණය කැරගෙන ඇත.
අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාගේ උපදෙස් මත ඖෂධ හා ආහාර පරීක්ෂකවරුන් වන සී එෆ් ගුරුසිංහ ,මහින්ද සිසිර කුමාර මහත්වරු මෙම වැටලීම් කරති.

