ව්‍යාපාරික පුතා මහලු මව එපා කියයි


දඹුල්ල හින්මොරගොල්ල ව්‍යාපාරිකයාගේ නිවසක සිරකර සිටි බව කියන 84 හැවිරිදි මව දඹුල්ල වැඩිහිටි නිවාසයට ඇතුළත් කොට සියලු වියදම් දඹුල්ල පොලිසියේ සියලු දෙනාගේ  වැටුපෙන් ගෙවීමට තීරණය කළ බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එන්.ජේ .වීරසිංහ මහතා පැවසු විට සියල්ලෝම ඒ පිංකමට කැමැත්තෙන් දායක වීමට එකඟ වුහ.

පොලිසිය මෙම තීරණයට එළැඹියේ සිරකැර සිටි මව හදා ගත් පුතා පොලිසියට පැමිණ සිය මව බලා ගැනීමට නොහැකි බව පැවසීම නිසා යැයි පොලිසිය කියයි .

 මෙසේ අසරණ තත්වයට පත් වුයේ ගලුද ගෙදර ඇලිස්නෝනා මාතාවයි.