ව්‍යාජ දළදා මාලිගාවට ජනපති මැදිහත් වේ


(අංජුල මහික වීරරත්න)

කුරුණෑගල, පොතුහැර ව්‍යාජ දළදා මාලිගාවක් ඉදිකිරීම සම්බන්ධයෙන් කඩිනමින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නේය.

අදාල ව්‍යාජ දළදා මාලිගාව සම්බන්ධයෙන්  මහානායක හිමිවරුන්  ජනාධිපතිවරයාට වාර්තා කර තිබිණි.