උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වල ද මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල ද විටින් විට වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තද සුළං හමා යාමට ඉඩ ඇත.
ගිනිකොණ සහ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදේ ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල ද වැසි ස්වල්පයක් බලාපොරොත්තු වේ. ඊසාන හෝ උතුරු දෙසින් හමන සුළඟේ වේගය පැයට කිලෝ මීටර 20 ක් 30 ක් පමණ වනු ඇත. මන්නාරම් බොක්ක, බස්නාහිර, ගිනිකොණ සහ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේදී සුළඟේ වේගය පැයට කිලෝ මීටර 40 ක් 50 ක් දක්වා ඉහළ යන අවස්ථා ද බලාපොරොත්තු වේ.
මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙ.ව. 7.30



