වහළත් හිතත් දෙකම සැඩ සුළඟේ


කටුමැටි ගසා ඉලුක් ද, රෙදි ද, ටකරන් හා ඉටි රෙදි කැලිවලින් හිසට වහලක් සාදාගත් මේ මවගේ පැල්පතේ එක් පැත්තක ටකරන් සුළි සුළඟකින් ගසාගෙන ගියේය. අතේ සිටි පුංචි පුතාට  එහි බර නොතේරෙතත් දෙහිඅත්තකණ්ඩියේ මේ මවගේ මුහුණේ ඒ බව ලියැවී ඇත.