(කටුනායක ටී.කේ.ජී.කපිල )
සීදුව ඝණ අපද්‍රව්‍ය මධ්‍යස්ථානයක හදිසියේ ඇති වූ ගින්න නිසා වසා දැමූ කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයෙන් කොටසක් මේ වන විට විවෘත කර ඇතැයි අධිවේගී මාර්ග පොලීසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
එහෙත් මේ වනවිටත් ඒ අවට දැඩි දුමාරයක් පවතින හෙයින් , කටුනායක සිට කොළඹ දක්වා වන මං තීරු රථ වාහන ගමනාගමනය සදහා විවෘත කර ඇති අතර , කොළඹ සිට අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන රථ වාහන වලට ජා - ඇල පිවිසුම දක්වා පමණක් මාර්ගය විවෘත කර තිබේ .
මේ අතර මෙම ගින්න නිවා දැමීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව , පොලිස් විශේෂ කාර්යය බළකාය , මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව ක්‍රියා කරමින් සිටිති .

