වස්ගමුව වනජීවි කාර්යාල ආයුධ කාමරය සොරු කඩති


(ඉන්දික අරුණ කුමාර / ක.ග කරුණාරත්න)

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වන ජීවී කාර්යාලයේ ආයුධ කාමරය කිසියම් පිරිසක් විසින් කඩා එහි තිබූ ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් රිපිටර් වර්ගයේ තුවක්කු 02 ක් සහ බෝර 12 තුවක්කු 02 ක් සොරාගෙන ගොස් ඇතැයි විල්ගමුව පොලිසිය කියයි.

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ ප‍්‍රධාන පිවිසුමේ සිට මීටර් 500 පමණ දුරින් පිහිටි මෙම අවි ගබඩාවේ අවි වස්ගමුව ජාතින වනෝද්‍යානයේ ආරක්ෂාව පිණිස යොදවා ඇති වනජීවී දෙපාර්තමේන්තුවට අයත් අවි ගබඩාවකි.

අද(22) අලුයම හෝ ඊයේ (21) රාත්‍රියේ මෙය සිදු සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

වනජීවී කාර්යාලයේ ආයුධ කාමරය කඩා එහි තිබූ ගිනි අවි රැගෙන ගොස් වනජීවී නිලධාරීන් විසින් දැක ඇත්තේ අද අලුයම 5.30 ට පමණ බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු කියති.