වසර හයකට පසු කොටි දෙන්නාට නඩු
කොළඹ කොල්ලුපිටියේදී 2006 අගෝස්තු 14 වැනිදා ක්ලේමෝ බෝම්බයක් පුපුරවා ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මරා දමන්නට තැත් කළැයි සැකපිට කොටි සාමාජිකයන් දෙදෙනෙකුට එරෙහිව කොළඹ මහ අධිකරණයේ නඩු පවරා ඇත. නීතිපති විසින් මෙසේ නඩු පවරන ලද්දේ යෝගරාජා නිරෝෂන් හා සුබ්‍රමනියම් රාජා යන දෙදෙනාට ය. රහස් පොලීසිය ඔවුන් දෙදෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට ඉදිරිපත් කරමින් ඒ බව සැල කළාය. එම බෝම්බ ප්‍රහාරයෙන් මහ කොමසාරිස් ජීවිතය බේරා ගත් නමුත් යුද හමුදා කොමාන්ඩෝ බටයන් ඇතුළු හත් දෙනෙක් මරුමුවට පත් වූහ.

