වසර හතරකට පසු නිදහස ලබති


කොළඹ කොල්ලූපිටියේ සම්බාහන ආයතනයක මුවාවෙන් 2008 සැප්තැම්බරයේ ගණිකා මඩමක් පවත්වාගෙන ආ බවට චෝදනා ලබා සිටි ගැහැණු පස් දෙනෙක් නීතිපති උපදෙසින් මුදාහරිනු ලැබූහ. එහෙත් ගැහැනුන් ගණිකා වැඩට යොදා ගත් බව කියන ප‍්‍රධාන සැකකරු මාජි සේනාධීරට එරෙහි නඩුව මහාධිකරණයට ඉදිරිපත් කැරේ.