වසර 5ට අධිවේගයේ ආදායම කෝටි 3082ක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ගෙවුණු වසර පහේ අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලින් රුපියල් කෝටි 3082ක ආදායමක් උපයා ඇතැයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂ, නඩත්තු හා මෙහෙයුම් කළමනාකරු එස් ඕපානායක මහතා පැවසීය.
 
මේ දිනවල පාසල් නිවාඩුව පවතින හෙයින් ඉකුත් සිකුරාදා (24) හා සෙනසුරාදා (25) අධිවේගී මාර්ගයේ ධාවය වූ වාහන ප්‍රමාණය ලක්ෂ දෙකක්  පමණ බව ද ඔහු කීවේය. එහි ආදායම මිලියන 30කට ආසන්න වූ බව ද ඕපනායක මහතා ප්‍රකාශ කළේය.