වසර 30කට පසුව ඡන්ද පොළක් ඇරේ


ත්‍රිකුණාමල හා පුල්මුඩේ දිස්ත්‍රික් මායිමේ පිහිටි තෙන්නමරවාඩියේ ඡන්ද මධ්‍යස්ථාන වසර තිහකට පසු සැප්තැම්බර් 8 වැනි දා නැගෙනහිර ඡන්දය වෙනුවෙන් විවෘත කරන බව ත්‍රිකුණාමලය සහකාර මැතිරණ කොමසාරිස් නාලක රත්නායක මහතා කියයි. තිරියායේ සිට කිලෝ මීටර් 20ක් පමණ ඈතින් පිහිටි මේ පළාතේ ඡන්ද දායකයන් 522 දෙනෙක් ලියා පදිංචි වී සිටිති.