වසර 10කට පසු රතුදත්ත පොත සැකසෙයි


(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවේ වඳzවී යන සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් හා ශාඛ සම්බන්ධව තොරතුරු ඇතුළත් රතු දත්ත පොත වසර 10කට පසුව සංස්කරණය කර සකස් කිරීම පරිසර අමාත්‍යාංශය මගින් මේ වනවිට අවසන් කර ඇත.

වසර පහකට වරක් සකස් කළ යුතු මෙම රතු දත්ත පොත වසර 10ක් තිස්සේ සකස් කර නොමැතිවීම හේතුවෙන් මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යවරයා ලෙස වැඩ බාර ගත් පසු පළමුවෙන්ම ඒ ගැන අවධානය යොමු කරමින් එය වහාම සකස් කර අවසන් කරන ලෙස උපදෙස් දී තිබිණි.

ඒ අනුව පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ඒකකය විසින් රතු දත්ත පොත සකස් කිරීම මේ වනවිට අවසන් කර තිබේ

රතු දත්ත පොත කොටස් 9ක වර්ගීකරණයකින් යුත් අතර වඳ වී ගිය, පරම්පරා ගත ගහනයෙන් තොර වූ, වඳවී යාමේ උග්‍ර තර්ජනයට ලක්වූ, වඳ වී යාමේ ඉහළ අවධානමක් ඇති, අනතුරට ලක්විය හැකි, අවදානම හමුවේ ඇති, අවම අවදානමේ ඇති, දත්ත ඌණතා සහිත, වර්ගීකරණයට ලක් නොකළ යනු ඒවා වේ. ශ්‍රී ලංකාවේ රතු දත්ත පොතක් අවසන් වරට සකසා තිබෙන්නේ 2012 වර්ෂයේ දීය.