වසන්ත කරන්නාගොඩට සිව්වැනි වරටත් සිතාසි


(මනෝප‍්‍රිය ගුණසේකර)

නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අධිකරණය මගහැර සිටීම සුළුවෙන් තැකිය නොහැකි බව සඳහන් කරමින් ඒ සම්බන්ධයෙන් අප්‍රසාදය පළකළ ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල කරන්නාගොඩ මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් සිව්වැනි වරටත් අද (24) සිතාසි නිකුත් කළේය.

නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කළ ත‍්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුට සිතාසි බාර දීමට නොහැකිවීම සම්බන්ධයෙන් පොලිසිය ලැජ්ජාවට පත්විය යුතු බව ත‍්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අවධාරණය කළාය.

වැඩබලන පොලිස්පතිවරයා මාර්ගයෙන් සහ නාවික හමුදාපතිවරයා මාර්ගයෙන් වසන්ත කරන්නාගොඩ මහතාට තෙවැනි වරට සිතාසි නිකුත් කරනු ලැබුවත් ඔහු අද (24) දිනයේදීත් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මාර්ගයෙන් මෙන්ම ලියාපදිංචි තෑපෑලෙන් ඔහුට සිතාසි බාරදීමට ත‍්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියම කළේය.