(සිතුම් චතුරංග)
තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කළ බව කියන ව්‍යාපාරිකයකුගේ සිරුරක් අද(02) වවුනියාව කායකන්කුලම කැළෑ ප‍්‍රදේශයක තිබී සොයාගත් බව සෙට්ටිකුලම පොලිසිය පවසයි.
පොලිසිය වෙත ලැබුණු 119 දුරකථන ඇමතුමකට අනුව සෙට්ටිකුලම- පූවර්සන්කුලම මාර්ගයේ කිලෝමීටරයක් පමණ දුරින් කායකන්කුලම ප‍්‍රදේශයේ දී එම මළසිරුර සොයාගත් බව පොලිසිය කියයි.
බ්‍රහස්පතින්දා (01) රාත‍්‍රියේ කිසියම් පිරිසක් විසින් ව්‍යාපාරිකයා පැහැර ගනු ලැබ වෙනත් ස්ථානයකදී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර සිරුර අදාල කැළෑ ප‍්‍රදේශයට ගෙනවිත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර මේ වන තෙක් කිසිවකුත් අත්අඩංගුවටගෙන නැති බව පොලිසිය කියයි.

