වව්නියා බසයක් දෙකට කැඩේ


වවුනියාව කොක්එළියේදී බසයක් පෙරැළී  මගීන් 36 දෙනෙකු තුවාල ලද බවත් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් වවුනියා පොලීසිය කියයි. තුවාලකරුවෝ වවුනියා රෝහලට ඇතුළු කරනු ලැබූහ. වව්නියාවේ සිට මුලතිව් බලා එද්දී කොක්එළියේ යුද හමුදා කඳවුර ආසන්නයේදී බෝක්කුවකද හැපී පෙරළී රෝද කැඩී වෙන්වී ගියේය.