වව්නියා දිසාපතිට ගාල්ලේ දී තර්ජනයක්


මග අවහිරවන සේ නවතා තිබූ ප්‍රාඩෝ රථයක සිටි බන්ධනාගාර නිලධරයන් දෙදෙනකු වව්නියාව දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතාට ගාල්ලේ ඔහුගේ නිවස අසළ දී තර්ජනය කළැයි ගාල්ල පොලීසියට පැමිණිලි කැර ඇත. සහෝදරයන් බව කියන මේ දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හළ බව පොලීසිය පවසයි. දිසාපතිවරයා සති අන්තයේ තම නිවසට එද්දී මේ සිද්ධියට ලක්වූ බවත් ඔහු දෙසතියක චාරිකාවක් සඳහා එතෙර ගිය බවත් පොලීසිය පවසයි.