වවන්න ගිහින් උසාවියෙන් නවතී


තිස්සමහාරාමයේ කිරින්ද ඇඳගල රජයේ ඉඩමක අනවසරයෙන් කටු කම්බි ගැසීමට භටයන් 13 දෙනකු යෙදවීයැයි සැකපිට කතරගම සිවිල් ආරක්‍ෂක බළකා මූලස්ථානයේ අණදෙන නිලධාරී අජිත් කුමාර වේහැල්ල හා කඳවුර භාර නියාමක ඞී.ඒ. පේ‍්‍රමචන්ද්‍ර රුපියල් දෙලක්‍ෂය බැගින් වූ ඇප මත මුදා හරින්නැයි තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් සංජීව රම්‍ය කුමාර මහතා නියෝග කළේය. වගාව සඳහා මේ ඉඩම යොදා ගැනීමට කටු කම්බි ගැසීමට පියවර ගෙන ඇතත් ඒ සඳහා අවසර ගෙන නැති බව පොලිසිය අධිකරණයට දැන්වීය.