(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය කිරංචි වලෙයිප්පාඩු ප්‍රදේශවාසීන් සිය පාසල්වලට සිංහල ගුරුවරුන් ලබා දෙන ලෙස උතුරු පළාත් මහඇමතිවරයාගෙන් ඉල්ලා තිබේ.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා කිරංචි වලෙයිප්පාඩු ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කිරීමට ගිය අවස්ථාවේදී ප්‍රදේශවාසීන් මෙම ඉල්ලීම කර ඇත.
දෙමළ ගුරුවරුන් විසින් සිංහල විෂය උගන්වනු ලැබුවද එය සාර්ථක නොවන බව ඔවුන් ඇමතිවරයාට පවසා තිබේ.
එක් සිංහල ගුරුවරුයෙක් ලබා දුනහොත් ගුරුවරයා තනියම සිටීමට නොහැකි හෙයින් ස්ථාන මාරු ලබගන්නා බවත් එම නිසා ගුරුවරුන් දෙදෙනකුවත් ලබා දෙන ලෙසත් එහිදී ප්‍රදේශවාසිහු ඉල්ලූහ.
එම ඉල්ලීම අහක දැමීමට නොහැකි බවත් එය පළාත් අධ්‍යාපන ලේකම්වරයාට දැනුම් දී විසඳුමක් ලබා දෙන බවත් ප්‍රධාන අමාත්‍යවරයා එහිදී කිවේය.




