වල්ල ශාඛයෙන් රට සල්ලි?


ගයිරිනෝප්ස් වල්ල හෙවත්  වල්ලපට්ට ශාඛය  අන්තර් ජාතික තර්ජනයට ලක්වූ ශාඛ ලැයිස්තුවට අදාල හෙයින් පිටරට නොයැවිය  යුතු යැයි ජාතික උද්භිද උද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා පවසයි. පෙරදිග රටවල්වන මලයාසියා, ඉන්දුනීසියාව, ඉන්දියාව වැනි රටවල අගිල් වශයෙන් භාවිතා කරන සුවිශේෂ වූ සුවඳ වර්ගය, නිෂ්පාදනය කරන්නේද මෙම ශාකයේ කඳ ප‍්‍රදේශයෙන් දිලීරයන් සේ නිකුත් කෙරෙන දුම්මල වැනි දේකිනි. වල්ලපට්ට ශාඛය මෙරට තෙත් කලාපයේ තිබෙන අතර මෙම ශාඛයේ වටිනාකම සම්බන්ධව එතරම් පිරිසක් දැන සිටියේ නැත. ලී ග‍්‍රෑමයක් ඩොලර් පහක් (රුපියල් 650) පමණ වටිනා කමක්  තිබෙන බවද විජේසුන්දර  මහතා පවසයි. තර්ජනයට ලක්වූ ශාඛ ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුතියට පවා මෙම ශාඛය  නිර්දේශ වී ඇති හෙයින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡුා කර මෙම ශාඛය සම්බන්ධව ඉදිරියේදී සංරක්ෂණ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමත් රට සල්ලි උපයා ගැනීම හැකි බවද ඔහු කීය.